13 July 2025

logo

ආහාර මිල ගණන් ප්‍රදර්ශනය සම්බන්ධව වැටලීම්



ආහාර මිල ගණන් ප්‍රදර්ශනය නොකරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක කෙරෙන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඊට අදාළ කඩිනම් පියවර ගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබා දුන් බවයි.

ආහාරවල මිල ගණන් නිසි පරිදි ප්‍රදර්ශනය නොකිරීමෙන් පාරිභෝගිකයින් පත්වන අපහසුතාව සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා කියා සිටියේ,  අදාළ වැටලීම් ලබන සතිය පුරා ක්‍රියාත්මක බවයි.
(Colombotimes.lk)