19 January 2026

logo

දිට්වා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත් වෙයි



දිට්වා සුළිකුණාටුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 5ක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද (19) ග්‍රාම නිලධාරීන් ඉවත් වී තිබෙනවා.
 
ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේ ගෙවීම් සිදු කිරීමේදී අදාළ චක්‍රලේඛනයේ පවතින අඩුපාඩු හේතුවෙන් ඔවුන් මෙම තීරණයට එළඹ තිබෙන බවයි.

එමෙන්ම එම චක්‍රලේඛනයට අනුව ගෙවීම් සිදු කිරීමේදී පැහැදිලි තක්සේරුවක් නොමැති වීමෙන් ග්‍රාම නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවද එම සන්ධානයේ සම කැඳවුම්කරු නන්දන රණසිංහ ප්‍රකාශ කළා. 

(colombotimes.lk)