19 January 2026

logo

හිටපු ඇමති මර්වින්ගේ අල්ලස් නඩුව යළි කැඳවීමට දිනදෙයි



අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා දේපළ අත්පත් කර ගැනීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (19) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවා තිබෙනවා.  

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහිදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කර සිටි බැංකු හා මූල්‍ය සමාගම්වල සාක්ෂිකරුවන් හතර දෙනෙක්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර තිබෙනවා. 

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 16වනදා දක්වා කල් තබා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)