පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 10දෙනා එළඹෙන 28වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ ඔවුන් අද (19) ත්‍රිකුණාමලය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
(colombotimes.lk)
