06 February 2026

logo

වෙරළබඩ ප්‍රදේශවලට වැසි



දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වය හෙට (10) සහ අනිද්දා (11) යන දිනවලදී වෙනස් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ දිවයිනේ ස්ථාන කිහිපයක අද (09) වැසි ඇති විය හැකි බවයි.

ඒ අනුව අද රාත්‍රි කාලයේදී නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

(colombotimes.lk)