colombotimes.lk
සිංහල | English

30 April 2024

අද වැසි රහිත කාලගුණ තත්වයක්



අද දිනයේ (7) දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කරනවා.

( colombotimes.lk )