පවතින වැසි තත්වය තවදුරටත්



නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව, සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
(colombotimes.lk)