රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් අද (30) වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
ඒ විශ්වවිද්‍යාල පනත වෙනස් කිරීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට යොමුකර ඇති පසුබිමක එය සම්මත වීමට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්සම් සභාවේ අනුමැතිය ඊට ලැබීමට විරෝධය පළ කරමින්.
රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්යය නාලක ගීකියනගේ සඳහන් කළේ එම පනත සම්මත වීමෙන් පසු ක්‍රියාවට නැංවීම සිදුකළද ඊට පෙර ක්‍රියාවට නැංවීම විශ්වවිද්‍යාලයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක් වන බවයි.
ඒ අනුව මෙම වර්ජනය සඳහා සියලුම විශ්වවිද්‍යාල සහයෝගය දක්වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
