නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක කටයුතු මේ වන විට අක්‍රීය වී තිබෙනවා.
ලංකා විදුලි බලමණ්ඩලය සඳහන් කළේ 2වන ජනන යන්ත්‍රය වසර 3කට වරක් සිදු කරන නඩත්තු කටයුතු හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ සිට අක්‍රීය කර ඇති බවයි.
එමෙන්ම පළමු ජනන යන්ත්‍රය එහි බොයිලේරුවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ක්‍රියා විරහිත වී තිබෙනවා.
කෙසේ වෙතත් ජල විදුලිය මඟින් විදුලි උත්පාදන කටයුතු සාර්ථකව සිදු කරන බැවින් විදුලි සැපයුමට බාධාවක් එල්ල නොවන බව ලංකා විදුලි බලමණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
