අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.
එම මෝසම අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
කරුණු තහවුරු කිරීමට එය විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ අදාළ මෝසම සම්බන්ධයෙන් පැමිණිලිකාර අල්ලස් කොමිසම අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක එම ඉල්ලීම සිදු කරන ලෙසයි.
(colombotimes.lk)