30 April 2026

logo

ප්‍රතිසංස්කරණය කළ රංගිරි දඹුලු ක්‍රීඩාංගණය විවෘත කෙරේ



රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර, විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) පස්වරු 7.00ට සිදු කිරීමට නියමිතයි.

ක්‍රීඩාංගණයට නවීනතම LED ආලෝක ධාරා පද්ධතියක් ඇතුළු, ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකයක්, ජල ප්‍රතිකාර ඒකකයක් හා ක්‍රීඩක ආබාධ පුනරුත්ථාපනය කිරීමේ නව වෛද්‍ය ඒකකයක් ඇතුලත් කර තිබෙනවා.

මෙම සංවර්ධන කටයුතු හරහා වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ, 19න් පහළ කාන්තා සහ පිරිමි දෙඅංශයේම ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට හැකි බව සඳහන්.

එමෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණය ආශ්‍රිතව පවත්වාගෙන යන දිස්ත්‍රික්, පළාත් සහ ජාතික සුපර් ලීග් (NSL) වැනි සියලුම තරග සඳහා ඉදිරිපත්වන කණ්ඩායම්වලට අවශ්‍ය පහසුකම් වැඩි දියුණුවීමක් ද මෙමගින් සිදුවනු ඇති.
(colombotimes.lk)