ආපදා තත්ත්වයන් හේතුවෙන් බලපෑම් එල්ල වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගාසිටුවීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උපරිම වශයෙන් මාස 6ක සහන කාලයක් ලබාදෙන අතර, ක්ෂුද්‍ර ව්‍යවසාය සඳහා ලබාදෙන උපරිම ණය මුදල රුපියල් 250,000ක් බවයි සඳහන් වන්නේ.
ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ලබාදෙන උපරිම ණය මුදල සටහන් වන්නේ රුපියල් ලක්ෂ 10ක් ලෙසයි.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ වසර 3ක කාලයක් සඳහා අරමුදල් සැපයීමට නියමිතව තිබෙනවා.
එහි පොලී අනුපාතය දැක්වෙන්නේ 3%ක් ලෙසයි.
(colombotimes.lk)
