05 December 2024


සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත



මෙරට සහල් සහ වී තොග සම්බන්ධ සමීක්ෂණයේ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ එම වාර්තාව අමාත්‍යාංශ ලේකම් මඟින් ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන බවයි.

දිස්ත්‍රික්ක 21ක වී සහ සහල් තොග සමීක්ෂණයේ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ජනපති උපදෙස් සහ අමාත්‍යාංශයෙන් ලද උපදෙස් මත හඳුනාගත් දිස්ත්‍රික්කවල වී සහ සහල් තොග පිළිබඳව  විමර්ශනය කළ බවයි.

(colombotimes.lk)