04 November 2025

logo

ඖෂධ ගැටළුවට චක්‍රලේඛයකින් කට වැසීමට ගත් උත්සාහයට වෘත්තීයවේදීන්ගෙන් පිළිතුරු



සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සීමා කරමින් නිකුත්කර ඇති චක්‍රලේඛයේ ප්‍රතික්ෂේප කරන බව පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

එමෙන්ම අදාළ චක්‍රලේඛයේ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගම්වල නියෝජිතයන් සඳහා වන විධිවිධාන සම්බන්ධව නිෂ්චිතව පැහැදිලි කර නොමැති බව ද ඔහු සඳහන් කළා.

ඒ අනුව ආයතන මට්ටමින් එම චක්‍රලේඛය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරුවහොත් ඊට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සිදු වන බව දැනුම් දෙමින් පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ විසින් අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය සම්බන්ධයෙන් වූ යම් අපැහැදිලි තැන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස ද මෙම ලිපියේ සඳහන්.
(Colombotimes.lk)