29 January 2026

logo

ඩොලරයට එරෙහිව රුපියල ශක්තිමත් වෙයි



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (27) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.10ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300.62ක් ලෙසයි.

මෙම අගයන් ඊයේ (26) පිළිවෙළින් රුපියල් 292.32ක් ලෙස සහ රුපියල් 300.84ක් ලෙස සටහන් වුණා.
 
(colombotimes.lk)