09 July 2025

logo

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සජබ ය එරෙහි වෙයි



දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට එරෙහිව සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව SJB ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවා. 

ඒ අනුව තම පක්ෂය එලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව කටයුතු කිරීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ. 
 
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 
 
ඒ, (28) එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 
 
ඒ අනුව හෙට (සෙනසුරාදා) සහ අනිද්දා (ඉරිදා) දිනවලදී ඒ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)