colombotimes.lk
සිංහල | English

18 October 2024


SL Vs IRE Women 2nd T20 | තරගාවලි ජය බලාපොරොත්තුවෙන් සිංහ ධේනුවන් අද තරග බිමට



සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් T20 තරගය අද (13) පැවැත්වෙනවා.

අයර්ලන්තයේ ඩබ්ලින්හීදී පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු T20 තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කළහොත් තරගාවලියේ ජය ශ්‍රී ලංකාව සතු වනවා.

(colombotimes.lk)