01 July 2025

logo

SL Vs NZ - 1st Test | අංක 07 ස්ථානයේ ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස්ගෙන් අර්ධ ශතකයක්



සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව එහිදී තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට අංක 07 පිතිකරුවා ලෙස පැමිණි කුසල් මෙන්ඩිස් සමත් වුණා.

එය සටහන් වුණේ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 19වන අර්ධ ශතකය ලෙසයි.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස්ට හැකියාව ලැබුණා.

(colombotimes.lk)