30 April 2026

logo

SL Vs ZIM | Match Highlights: නව වසරේ පළමු ජයග්‍රහණය සිංහයන්ට (VIDEO)



සංචාරක සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා. 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ ක්‍රිකට් නායක ග්‍රෙග් අර්වින් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. 
 
එහිදී සිම්බාබ්වේ කණ්ඩායම ඕවර් 43කදී ලකුණු 208ක් ලබාගත්තා. 
 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 49ක් ලබා සිටියදී වර්ෂාවක් ඇද හැලී තරගය පස්වරු 7.23ට තාවකාලිකව අත්හිටුවීමට සිදු වුණා. 
 
යළි තරගය ආරම්භ වුණේ පස්වරු 8. 15ටයි. 
 
ඒ අනුව තවත් ඕවරයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 211ක් ලබා ගැනීමට සමත් වුණා. 
 
තෙවැනි හා අවසන් එක්දින තරගය අනිද්දා (11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
(colombotimes.lk)
May be an image of 2 people and text that says