01 December 2022
සිංහල | English

පාසල් නිවාඩු කාලය අඩු කිරීමට සැලසුම්



2023 වසරේදී පාසල් නිවාඩු කාලය අඩු කර ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා කාලය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. 

අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. 
 
දෙවන පාසල් වාරය දෙසැම්බර් 02 වන දා අවසන් කර තුන්වැනි පාසල් වාරය දෙසැම්බර් 05 වන දා ආරම්භ කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. 
 
එමෙන්ම මෙවර දෙසැම්බර් පාසල් නිවාඩුව එළඹෙන මස 22 වැනිදා ලබා දී ජනවාරි 10 වන දා යළි පාසල් ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)