16 September 2025

logo

අයවැයෙන් ටොම් පච යෝජනා - 2023 යෝජනා 77න් 69ක් ඉටු කර නොමැති බව සජිත් කියයි



රජය පසුගිය 2023 වසර අයවැය යෝජනා 77න් 69ක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ බව අද (14) පාර්ලිමේන්තුවේදී ඔහු සඳහන් කළා.

විපක්ෂ නායකවරයා එහිදී ප්‍රශ්න කළේ මෙලෙස යෝජනා ක්‍රියාත්මක නොකර ලබන වසරේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ගැන විශ්වාසනීයත්වයක් ඇති කර ගන්නේ කෙසේද යන්නයි.

අයවැයෙන් ටොම් පච යෝජනා ඉදිරිපත් නොකළ යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.
(colombotimes.lk)