24 May 2026

logo

ඉරාන තෙල්වලට පැනවූ සම්බාධක දින 30කට ඉවතට



ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක දින 30ක කාලයකට ඉවත් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

ඒ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින්. 

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කළේ නව ඇණවුම් සඳහා නොව දැනට නැව්ගත කර ඇති තෙල් සඳහා පමණක් මෙය බලපැවැත්වෙන බවයි. 

නමුත් මෙම සම්බාධක ඉවත්වන්නේ දින 30ක කාලයක් සඳහා පමණක් බවත් මේ සම්බන්ධව නිකුත් කර තිබෙන නිල නිවේදනයේ සඳහන්.

(colombotimes.lk)