07 November 2025

logo

ශිෂ්‍යාධාර දීමනාව වැඩිවෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ශිෂ්‍යාධාර දීමනාව 2500කින් වැඩි කරන බවයි.

ඒ අනුව එය රුපියල් 9000කින් ඉහළ ගොස් තිබෙනවා. 

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ ආබාධ සහිත පුරවැසින්ට පෞද්ගලික අංශයේ රැකියාවක් ලබාදෙන්නේ නම් රුපියල් 15,000ක උපරිමයකට යටත්ව සේවකයන්ගේ වැටුපෙන් 50%ක් ලෙස මාස 24ක් රජයෙන් මූල්‍ය සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි. 

එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට යෝජනා කර තිබෙනවා. 

ජනාධිපතිවරයා කියා සිටියේ මහ‍පොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 2500 කින් වැඩි කරන බවයි.

ඒ අනුව මහ‍පොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 10,000ක් බවට පත් වී තිබෙනවා.

 (colombotimes.lk)