14 August 2025

logo

ඉන්දියාවේ ගුවන්තොටුපොළවල ආරක්ෂාව තර කරයි



සැප්තැම්බර් 22වනදා සහ ඔක්තෝබර් 02වනදා යන දිනයන් අතර ඉන්දියාව තුළ ත්‍රස්ත තර්ජනයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම තොරතුරු මත සියලු ඉන්දීය ගුවන්තොටුපොළ තුළ ආරක්ෂාව උපරිම ලෙස තර කරන ලෙසට එරට සිවිල් ගුවන් සේවා කාර්යාංශය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවයි. 

සමාජ විරෝධි කණ්ඩායම් හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මත මෙම තර්ජනය එල්ල විය හැකි බවද ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)