නගර කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් පසුව සෙනගාලය විදේශ කොන්සල් කාර්යාල තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පූර්වාරක්ෂාව පිණිස මෙම පියවර ගත් බවයි.
විපක්ෂ නායක Ousmane Sonko හට පසුගිය සතියේ වසර දෙකක සිර දඬුවමක් පැනවීමෙන් පසු මෙම ගැටුම් ආරම්භ වූ බවයි මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)