මහරගම පොලිස් වසමේ ගම්මාන පාර, 04 වන පටුමග ආසන්නයේ ත්‍රීරෝද රථයක් තුළ තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙක්ගේ මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ (21) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.
මහරගම පොලීසියට ලද තොරතුරක් මෙම මළ සිරුර හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57ක් වන පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කළා.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)
