මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එහි සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයන් සිව්දෙනෙක් මේ වන විට මුදාගෙන මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ගනේතැන්න ප්‍රදේශයේ නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක් මතට අද (22) උදෑසන මෙම පස් කන්ද කඩා වැටී තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් එම වෙළඳසැලෙහි සිටි කිහිපදෙනෙක් සුන්බුන් තුළ සිරවී සිටින බවට තොරතුරු වාර්තා වනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදා ගැනීම සඳහා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
(colombotimes.lk)
