පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් මේ වන විට සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.
මාවනැල්ල පොලීසිය සඳහන් කළේ එම ප්‍රදේශය හරහා ගමන්ගන්නා රථ වාහන රියදුරන්ට විකල් මාර්ග භාවිතාකරන ලෙසයි.
මෙම අනතුරින් එක් පුද්ගලයෙක් මේ වන විට මියගොස් ඇති අතර තුවාල ලැබූ තවත් සිවුදෙනෙක් මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එමෙන්ම වෙළඳසැලේ සිටි තවත් පුද්ගලයන් කිහිපදෙනෙක් සුන්බුන් තුළ සිරවී සිටින බවයි වාර්තා වන්නේ.
ඔවුන් මුදාගැනීම සඳහා මේ වන විට සියලු මෙහෙයුම් ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
(colombotimes.lk)
