22 December 2024


Travel Time | ආලකමන්දාව නොහොත් සීගිරිය



1982 දී යුනෙස්කෝ විසින් ලෝක උරුමයක් විදියට පත් කරන ලද සීගිරිය පළමුවන කාශ්‍යප රජු විසින් ක්‍රි.ව. 5 වන සියවසේදී තමයි ඉදි කරලා තියෙන්නේ.
සීගිරිය කියන මේ පර්වතය මීටර් 200 ක් (අඩි 660) පමණ උසකින් යුක්තයි. ඉතින් මේ සීගිරි පර්වතය උඩටම නැග්ගම සැතපුම් ගානක් ඈත බබලාගන්න පුළුවන්.

Sigiriya: A sustainable wonder to the world | BIOFIN

සීගිරියට යන්නේ කොහොමද ?

දඹුල්ලේ කිඹිස්ස කියන ගමේ තමයි සීගිරිය පිහිටලා තියෙන්නේ. කොළඹ ඉදලා සීගිරියට තියෙන්නේ 178 km දුරක් විතරයි.

ඔයා බස් එකේ සීගිරියේ යන්න ඉන්නවා නම් කොළඹ - කදුරුවෙල 48/3 බස් එකේ හරි කොළඹ - කල්මුනෙයි 48 කියන බස් එකේ හරි දෙකෙන් එකක යන්න පුළුවන්.
ඒ වගේම තමයි ඔයා Train එකේ සීගිරියේ යන්න ඉන්නවා නම් කොළඹ කොටුවෙන් ත්‍රිකුණාමලයට හරි මඩකලපුවට හරි යන Train එකකට නගින්න ඕනේ. හැබැයි දෙකෙන් මොන Train එකේ ගියත් හබරණට විතරයි යන්න පුලුවන්. එතන ඉදලා දබුල්ල පැත්තට කිලෝමීටර් 10ක් ඔයාට Taxi එකක ගිහින් තමයි සීගිරියට ළගා වෙන්න පුළුවන්.

Marvels of Sigiriya Rock Fortress in Sri Lanka | Thuppahi

සීගිරියේ සුන්දරත්වයට

සීගිරිය කියන්නේ රජ කාලේ ඉදලම ගොඩක් ප්‍රසිද්ධ තැනක්නේ. ඉතින් ඒ තියෙන ඓතිහාසික නටබුන් බලන්න අදටත් දෙස් විදෙස් සංචාරකයින් විශාල ප්‍රමාණයක් සිගිරිය බලන්න එනවා.
මහා පර්වතය පාමුල ඉදගෙන ඉන්න ගාම්භීර සිංහයෙකුගේ විලාසයෙන් තමයි සීගිරිය නිර්මාණය කරලා තියෙන්නේ.
ඒ වගේම කාශ්‍යප රජුගේ කාලයේ හදපු රජ මාළිගා, සීගිරි බිතුසිතුවම්, සීගිරි ලලනාවන්, කැටපත් පවුර වගේම අදටත් ක්‍රියාත්මක වෙන සීගිරි ගල මුදුනේ වාරි තාක්ෂණය සීගිරිය ලෝක ප්‍රසිද්ධ වෙන්න ලොකු හේතුවක්.

තැනිතලාවෙන් ඉහළට නැගුණු මේ සීගිරි පර්වතය මුදුනේ ඉදලා ඕනම පැත්තකින් සැතපුම් ගණනාවක් දුර වුණත් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි පර්වතය අවට තියෙන වනයේ වඳුරන්, රිලවුන්, බඹරුන්, මුවන්, අලින් සහ කුරුල්ලන් වගේ සත්තුන්ගෙන් සීගිරියේ සුන්දරත්වය තව තවත් වැඩි වෙලා තියෙනවා.

The

කෑම බිම

ඔයාට පැය 4කින් විතර සීගිරියේ සුන්දරත්වය නරඹලා ඉවර කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා කෑම අරගෙන යන එක නම් අත්‍යවශ්‍ය වෙන්නේ නෑ.
සීගිරි ගල නගිද්දී ,බහිද්දී ඔයාට මොනවා හරි හපන්න ඕනේ නම් පොඩි Snack Packet එකක් අරගෙන ගියාම හොදටම ඇති.
හැබැයි බොන්න වතුර අරන් යන එක නම් අනිවාර්යයි. මේ මොන දේවල් අරන් ගියත් අරන් යන හැමදේම නැවත අරන් එන්න නම් අමතක කරන්න එපා. මොකද සියවස් ගානක ඉදලා ආරක්ෂා වෙලා තියෙන මේ සුන්දර පරිසරය හැමදාමත් ආරක්ෂා කරන එක තමයි අපේ යුතුකම වෙන්නේ.

Climbing Sigiriya Rock In Sri Lanka: Tips From A Not-So-Fit Climber

Special Note

අපිට සීගිරිය නරඹන්නන පුළුවන් උදේ 7 ඉදලා හවස 7 වෙනකන් විතරයි. ඒ වගේම තමයි ටිකට් කවුන්ටරේ 5 වෙද්දී වහනවා. ඉතින් ඔයත් සීගිරියේ යන්න හිතාගෙන ඉන්නවා නම් හවසට 5ට කලින් එන එක ගොඩක් වැදගත් වෙනවා.
ඒ වගේම තමයි සීගිරි බිතු සිතුවම් වල Photos ගන්න එක වගේම කැටපත් පවුර අල්ලන එකත් සම්පුර්ණයෙන්ම තහනම්.
තව විශේෂ දෙයක් තමයි ඔය සීගිරියේ පන්සලට යන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පන්සලකට සුදුසු විදියේ ඇදුමකින් සැරසිලා තමයි එන්න ඕනේ.

දඹුල්ල නගරය අවට සංචාරක ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙන නිසා ඒ වටින් ඔයාට නවතින්න තැනක් හොයාගන්න එක නම් අමාරු නැහැ. ඒ වගේම තමා ඔයා සිගිරිය බලන්න යනවනම් One Day Trip එකක් විදියට වුනත් ගිහින් බලලා එන්න පුළුවන්.

(Dinithi Thilakarathne @ COLOMBO TIMES)