චීනයේ Sinopec සමාගමේ පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ.
එමෙන්ම මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඉන්ධන කෝටාවට සඳහා ලබා ගන්නා ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීම හෝ කෝටාවට භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියා.
(Colombotimes.lk)
