15 February 2026

logo

මහ බැංකු සංචිතවල සුළු පහළයාමක්



2026 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.824ක් ලෙස වාර්තා වී තිබෙනවා. 

මහ බැංකුව සඳහන් කළේ එය 2025 දෙසැම්බර් මාසය අවසානයේදී සටහන් වූ ඩොලර් බිලියන 6.838ක සංචිත වත්කම් ප්‍රමාණය සමඟ සැසඳීමේදී 0.2%ක සුළු පහළයාමක් පෙන්නුම් කරන බවයි. 

නමුත් 2025 දෙසැම්බර් මාසයේදී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 86 සිට 2026 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 109ක් දක්වා 21.1.6%ක කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
  
පසුගිය මාසයේදී ගෝලීය රන් මිල සීඝ්‍රයෙන් ඉහළයාමත් සමඟ මෙලෙස මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම ද ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)