30 April 2026

logo

පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවි කළ 517ක් පොලිස් දැලේ




මෙරට පාසැල් 4,983ක් අවට මත්ද්‍රව්‍ය සංසරණය වන බවට හදුනාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ එම පාසල් ආශ්‍රිතව පසුගිය මාස කිහිපයේ පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයින් 517ක් අත්අඩංගුවට ගත් බවයි.

මෙම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 85ක්, අයිස් ග්‍රෑම් 48ක්, මත්පෙති 1,561ක්, ගංජා කිලෝවකට අධික ප්‍රමාණයක්, මාවා කිලෝ 3ක්, මදන මෝදක කිලෝ 2කට අධික ප්‍රමාණයක් මෙන්ම නීතිවිරෝධී දුම්වැටි 1,285ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර වැඩබලන පොලිස්පතිවරයා, පොලිස් කොට්ඨාස භාර නිළධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ දරුවන් නොමඟ යැවීමට පොළඹවන ස්ථාන ඇති බවට හදුනාගෙන ඇති පාසල් 434ක් ආශ්‍රිතවද මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙසයි.
 
(colombotimes.lk)