23 January 2026

logo

විදුහල්පති සේවයේ ඇති පුරප්පාඩු ගැටලුවලට විසඳුමක්



ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ මේ වන විට පුරප්පාඩු ගැටලු රැසක් පවතිනවා.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න කියා සිටියේ එම ගැටලුව විසඳීමට ඉදිරි සති 2ක කාලය ඇතුළත නව බඳවා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙන බවයි. 

නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා. 

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පවතින පුරප්පාඩු සහ විශ්‍රාම ගැන්වීම් දත්තවලට අනුව 2023 දෙසැම්බර් 31වනදා විදුහල්පති සේවයේ පැවති මුළු පුරප්පාඩු සංඛ්‍යාව 3,151ක් බවයි. 

විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු සඳහා දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, විධිමත් උසස්වීම් ක්‍රමයක් යටතේ බඳවා ගැනීමේ මෙම කටයුතු සිදු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
 

(colombotimes.lk)