06 February 2026

logo

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසිවාර කිහිපයක්



ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට අද (18) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම ඌව පළාතේ, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇති විය හැකියි.

කෙසේ වෙතත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර උතුරු, උතුරු මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේ ශීත කාලගුණයක් අපේක්ෂා කළ හැකියි.

(colombotimes.lk)