Sony international ආයතනයේ වරලත් හිමිකාරීත්වය සහිත ලොව පුරා ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් නිෂ්පාදනය සම්බන්ධයෙන් අද (19) ශ්‍රී ලංකාවේ පුද්ගලික රූපවාහිනි නාලිකාවක් වෙත අවවාදාත්මක ලිපියක් යොමු කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ මෙරට වෙනත් පුද්ගලික රූපවාහිනී නාලිකාවක් සතුව එම රියැලිටි වැඩසටහනේ වරලත් හිමිකාරීත්වය ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ වෙනත් රුපවාහිනී නාලිකාවකට එවැනි වූ වැඩසටහනක් නිෂ්පාදනය කිරීමට අයිතියක් නොමැති බවයි.
මෙහි විශේෂත්වය වන්නේ අදාළ වරලත් හිමිකාරීත්වය හිමි නාලිකාවේ එම වැඩසටහන නිවේදනය කළ ප්‍රවීණ නිවේදක ශිල්පියාම මෙම රුපවාහිනී නාලිකාවේ වැඩසටහන සඳහා ද යොදාගෙන තිබීමයි.
(colombotimes.lk)
