19 November 2025

logo

සරණ ගුණවර්ධනට එරෙහි නඩු දෙකක් විභාගයට



දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 02ක් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා. 

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ විභාග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේදී සිදු කළ අවිධිමත් ක්‍රියාවලින් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් යහපාලන රජය සමයේ මෙම නඩු දෙක ගොනු කර තිබෙනවා. 

(colombotimes.lk)