ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අර්ධ සුඛෝපභෝගී බස් සේවා සඳහා නිකුත් කර ඇති අර්ධ සුඛෝපභෝගී මගී සේවා අවසර පත්‍ර 2023.06.30 දිනට පෙර අදාළ අවසරපත්‍ර හිමියන්ගේ කැමැත්ත මත වෙනත් සේවාවක් සදහා සංශෝධනය කර ගන්නා ලෙසට අදාළ අවසරපත්‍ර හිමියන් දැනුම්වත් කර තිබෙනවා.
ඒ අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථ සේවාව අහෝසි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුවයි.
ඒ අනුව අර්ථ අර්ධ සුඛෝපභෝගී මගී සේවා අවසර අවසරපත්‍ර 2023.06.30 දිනට පෙර වෙනත් සේවාවකට සේවාවක් ලෙස සංශෝධනය කර ගත යුතු අතර එම දිනයෙන් පසුව අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවාව අහෝසි කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)