කොත්මලේ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් කොත්මලේ-ගම්පොළ B431 ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පනන්ගම්මන ප්‍රදේශයේ මාර්ගයේ සුළු ඉරි තැලීම් කිහිපයක් දක්නට ලැබීම හේතුවෙන් මෙලෙස තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි.
මෙලෙස අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාව නිසා කඳු බෑවුම සහ අවට භූමි ප්‍රදේශය තවදුරටත් අස්ථාවර විය හැකි බැවින් මෙම තත්ත්වය යහපත් වන තුරු මාර්ගය මඟහැර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස බලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)
