17 October 2025

logo

ජනපති සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්



ජපාන රජයේ ආරාධනයකට අනුව නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (29) ජපාන ආරක්ෂක අමාත්‍ය D.M Nakatani අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ ටෝකියෝහී ඉම්පීරියල් හෝටලයේදීයි.    

දෙරටේ දීර්ඝ කාලීන මිත්‍රත්වය, කලාපීය ආරක්ෂාව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. 

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසද සහභාගී වී තිබෙනවා. 


(colombotimes.lk)