නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය පෙරවරු 8.30 වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර 50ක් පමණ උතුරින් පිහිටා තිබුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දහවල් පමණ වන විට ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ තිබෙන බවයි.
එමෙන්ම එය බටහිර - වයඹ දෙසට ගමන් කරමින් අද (10) රාත්‍රිය වන විට අඩු පීඩන ප්‍රදේශයක් දක්වා දුර්වල වීමට ඉඩ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
