15 September 2025

logo

සිම්පත් ගැන විශේෂ දැනුම්දීමක්




විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ තම ජාතික හැදුනුම්පත භාවිත කරමින් ලියාපදිංචි කර ඇති සිම්පත් සම්බන්ධයෙන් පරීක්ෂා කරන ලෙසයි.

ව්‍යාජ ලෙස නිකුත් වූ සිම්පත් භාවිතා කරමින් නිරන්තරයෙන් සිදු වන සමාජ විරෝධි ක්‍රියා සැලකිල්ලට ගෙන මෙම පරීක්ෂාව සිදු කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා මේනකා පතිරණ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
 
(colombotimes.lk)