කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මිලිමීටර් 300කට ආසන්න අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් හංවැල්ලට පහළින් පිහිටි පහත් බිම් රැසක ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබෙනවා.
ඒ ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටයි.
මෙලෙස අනතුරු අඟවා තිබෙන්නේ සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොලොන්නාව, කැලණිය, වත්තල, කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල වෙසෙන ජනතාවටයි.
ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ මේ හේතුවෙන් ඉහත සඳහන් ප්‍රදේශවල ගඟ දෙපස සහ පහත් බිම්වල ජීවත්වන ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ධාවනය වන වාහන පදවන්නන් ද දැඩි අවධානයෙන් හා සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසයි.
(colombotimes.lk)
