12 October 2025

logo

නෙළු වසන්තය බලන්න එන අයට විශේෂ දැනුම්දීමක්



හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානයේ නෙළු වසන්තය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන භාරකාර සිසිර රත්නායක විසින්. 

ජාතික උද්‍යානයේ පවතින නිතී රීතිවලට අනුකූලව නෙළු වසන්තය නරඹන ලෙස ඔහු සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිනවා. 

ඔහු කියා සිටියේ වසර 12කට පසු මෙවර නෙළු මල් වර්ග 04ක් එකට පිපී ඇති බවයි. 

එමනිසා එය නැරඹීමට සති අන්තයේ සහ නිවාඩු දිනවල විශාල සංචාරකයන් පිරිසක් සහ වැඩි රථවහන ප්‍රමාණයක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය පැමිණෙන බව ඔහු ප්‍රකාශ කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එසේ පැමිණෙන ඇතැම් පිරිස් ජාතික උද්‍යානයේ නීති රීතිවලට පටහැනිව කටයුතු කර ඇති බවයි. 





(colombotimes.lk)