එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරවීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ඔහු එළඹෙන ජුනි 23වනදා සිට 26වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බවයි.
2016 පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙක් ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද හමුවීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)