17 October 2025

logo

ලෝක ජලභීතිකා දිනය නිමිත්තෙන් විශේෂ වැඩක්



නිවෙස්වල සුරතලයට ඇති කරන සුනඛයන්ට සහ බළලුන්ට නොමිලේ ජලභීතිකා එන්නත එන්නත් කිරීමේ වැඩසටහනක් අද (30) හැටන් දික්ඔය නගර සභාවේදී පවත්වා තිබෙනවා.

මෙය ලෝක ජලභීතිකා දිනය නිමිත්තෙන් හැටන් දික්ඔය නගරසභාවේ මහජන සෞඛ්‍ය අංශය විසින් සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
හැටන් දික්ඔය නගරසභාවේ සභාපති අසෝක කරුණාරත්නගේ උපදෙස් පරිදි නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් සංවිධානය කළ ජලභීතිකා එන්නත් ලබාදීම පශු වෛද්‍ය අලගමුත්තු නන්දකුමාර් විසින් සිදු කර තිබෙනවා. 




(colombotimes.lk)