colombotimes.lk
සිංහල | English

20 April 2024

ඇෆ්ගන් කණ්ඩායමෙන්, ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රණීත කෑම වේලක් පිරිනමයි (VIDEO)



ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරගය අද පැවැත්වීමට නියමිතයි. 

ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදීයී. 
 
අද පෙරවරු 10.00 ට තරගය ආරම්භ කිරීමට නියමිතයි. 
 
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගන් කණ්ඩායම තරග එක බැගින් ජයග්‍රහණය කරමින් සම තත්ත්වයේ සිටිනවා. 
 
මේ අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රණීත ආහාර වේලක් සකස් කර දුන් වීඩියෝවක් YouTube වෙත නිකුත් කර තිබෙනවා. 
 
ඔවුන්ගේ සංස්කෘතිය තුළ පිසින 'Shinwari Rosh' නම් විශේෂ ආහාර වේලක් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී තිබෙනවා. 
 
Rashid Khan සහ Yamin Ahmadzai මෙම ආහාර වේල පිසීමට මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා.
 
අදාළ සම්පුර්ණ වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැකියි.
(colombotimes.lk)