දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ ප්‍රධාන ජලාශ 16ක සහ මධ්‍ය පරිමාණ ජලාශ 10ක වාන් දොරටු විවෘත කර තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ රාජාංගනයේ 12ක්, ලුණුගම්වෙහෙර 6ක්, වෙහෙරගල 6ක් සහ සොරබොර වැව 5ක් මෙසේ විවෘත කර ඇති බවයි.
එමෙන්ම දැදුරුඔය 4ක්, අලිකොටආර 3ක් සහ මව්ආර 2ක් ද විවෘත කර තිබෙනවා.
(colombotimes.lk)
