01 May 2026

logo

අපරාධ කල්ලියක් යටතේ සිටින ලාංකිකයින් පිරිසක් පිළිබඳව ඉල්ලීමක්



මියන්මාරයේ අපරාධ සංවිධානක් විසින් සිරකරගෙන සිටින බව කියන ශ්‍රී ලාංකිකයන් 56 දෙනා නිදහස් කර ගැනීමට සහාය වන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තායිලන්ත අගමැති Srettha Thavisin ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පෙබරවාරි 4 වනදා ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙම ඉල්ලීම කළ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා පැවසුවා.

පරිගණක ආශ්‍රිත රැකියා ලබා දෙන බවට පොරොන්දු ලබා දී, තරුණයන් මියන්මාරයට රැගෙන ගොස් තායිලන්ත දේශසීමාව ආසන්නයේ ස්ථාන තුනක රඳවා තබා ඇති බව සඳහන්.

ඒ අනුව මෙම පිරිස හට අදාළ සංවිධානය විසින් සයිබර් අපරාධ සිදුකරන ලෙස බලකරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)