05 January 2026

logo

SL Vs NZ - 1st Test | ශ්‍රී ලංකා පළමු ඉනිම නිමා වෙයි



ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 305ක් රැස් කළා.

දෙවන දිනය සඳහා අද (19) තරගය ආරම්භ කරන විට කඩුලු 7ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 302ක්.

කෙසේ වෙතත් අද දිනයේදී එම ලකුණු පුවරුවට ලකුණු 2ක් එක්වන විට ශ්‍රී ලංකා ඉනිමේ අනෙක් කදුලු 3 බිඳ හෙලීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වුණා.

 
(colombotimes.lk)