30 April 2026

logo

SL Vs ZIM | තරගය වර්ෂාවෙන් සේදී යයි



සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණූ 273ක් රැස් කළා.

සදීර සමරවික්‍රම ලකුණු 41ක් සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් රැස් කළා.

චරිත් අසලංක ඊයේ (06) රැස් කළේ සිය එක්දින ක්‍රිකට් පිටියේ තුන්වැනි ශතකයයි.

රිචඩ් නගරාවා, බෙලෙසින් මුසරබානි සහ ඊයේ මංගල එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ෆරාස් අක්‍රම් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ඇරඹු සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු 2 බිඳ වැටුණේ ලකුණු 5කදීයි.

වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක එම කඩුලු දෙකම දවා ගත්තා.
(colombotimes.lk)